Saturday, October 8, 2011

සිතන්න.........

මිරිවැඬි සඟලක් ඉල්ලා හැඬුවෙමි
පා යුග නැති ඔබ දකින තුරා
කුකුම අoජන ඉල්ලා හැඬුවෙමි
නෙත් යුග නැති ඔබ දකින තුරා...............


ඇයි අපි අපිට නැති දේවල් ගැන වද වෙන්නෙ,ඕන වෙන්නෙ, ඇයි තියෙන දෙයින් සතුටු වෙන්න බැරි.  මිනිස්සු අතර තියන ලොකුම ගැටළුව මේකයි.අපි අපිට තියන දෙයින සැහීමකට පත්වෙන්නෙ නැ  ,හැමදාමත් ඕන කරන්නෙ අපිට නැති දෙවල්.

මේ ලොකේ අපිට වඩා අඬුපඩුකම්,ප්‍රශ්න තියන මිනිස්සු අපි අතරම ඉන්නව .ඉතින් ඇයි අපි අපිට නොලැබෙන ලබගන්න බැරි පොඩි පොඩි දේවල් ගැන දුක් වෙන්නෙ.මේ ලොකෙ ලොකුම ගැටලුවෙන් ඉන්නෙ ඔබ, මම නෙවේ,අපිට වඩා සියදහස් ගුණයක් ගැටළු අතරෙ අඩුපඩුකම් අතරෙ ජිවත් වන අය ඉන්න නිසා අපි අපේ ප්‍රශ්න අඩුපඩුකම් අමතක කරල ,හැකිනම් ඒ ගොල්ලන්ටත් පිහිටක් වෙමු!!!

Friday, October 7, 2011

ආදරය කියන්නෙ ....

මට හිතෙන හැටියට කෙනෙක්ට ආදරය කරනව කියන එකත්,අවoක ආදරයක් ලැබිමත් පුදුමාකාර දෙයක්.
ආදරය ශක්තිමත් බැදීමක්..ඒ බැදීමෙ ශක්තිය කොයි මොහොතෙ නැතිවේවිද,අඩුවේවිද බිදිලා යවිද කියල අපි කවුරුත් දන්නෙ නෑ,නමුත් ආදරය කියන්නෙ මොකක්ද කියල තෙරුම් අරගෙන ජිවත් වුනොත් කිසිම විදියක කදුලක් කාටවත් උරුම නොවේවි.

ආදරය කියන්නෙ අන්ති එක්කෙනාගෙ දියුණුවට උදව් කරන එකත් අනිත් එක්කෙනගෙ දුර්වලක්ම් තේරුම ගන්න එකත්.හිතල බලන්න මේ දෙකම තියෙනවනම් ආදරය කොයිතරම් ශක්තිමත් වෙනවද කියල.

එකිනෙකගෙ දියුණුවට උදව් කරනකොට එයා තමන්ගෙම වෙනව,දුරවලකම් තේරුම ගත්තම සිත තැවුල් නැති ආදරයක් ගොඩනගෙනව.ඒ වගෙම අඩුපඩුකම් වලට එකිනෙකව ඉවසන්න ,සමාව දෙන්න පුලුවන්කම ලැබෙනවා.ඒක නේද ආදරයට ඕනම කරන දෙය?  ඒක නේද අදරය කියන්නෙත්?

Saturday, June 18, 2011

විරහව හා ගීතය...

මේක ටිකක් වෙනස විදියකට ලියන්න හිතුනා..ලියල ඉවර කරන්නනම් බැරි තරන්ම ලොකු පරාසයක පැතිරුනු දෙයක් මේක.ඒත් ලියල බලමු.....ආදරය සුන්දරයි වගේම විරහව දුක්බරයි..අදරණීය ගීත වගේම ඊටත් වැඩියෙන් ලියවිල තියෙන්නෙ විරහ ගීත .ඉතින් මම හිතුව ඒ ගැන මට හිතෙන දෙවල් ටිකක් ලියන්න

රන් තාරකාවන් දිලෙන රැයේ
සේපලිකා මල් පිපෙන රැයේ..
හදවතට ලන් වෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී ............
මෙන්න මේ ගීතයේ අන්තිම පද කිහිපය හදවතට ගොඩක් දනෙන විදියට ඉවර කරල තියනවා

මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබෙ සුවද ඒ යැයි කියා
නිදි නොමති නෙත් අගට කදුලක් තියා
මුලු රෑම ගෙවිලා ගියා....

මම හිතන්නෙ අදරයක ඇති සුන්දරම දෙය බලපොරොත්තුව...ඉතින් මේ, කවදම හරි නැවතත් පැමිණේව් යන ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන දුකෙන් ඉන්න තරුණයෙක්..

තවත් සමහර අය අදරයෙන් දුක් විදිනවා වෙන්වීමට හේතුවක් හිතාගන්නත් බැරුව..එහෙම හේතුවක්වත් නොකියා දාල ගියාම මෙන්න මේ වගේ ගීතත් ලියවෙනවා.

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්....
කතා කරන්නට අප ගැන බිඳුවක්
අප ගැන අසනා අයට ඉතින්
කියා දෙන්න මට මා හැර ගිය සැටි
තාමත් ඒ ගැන දන්නෑ මo.....

ඉතින් බලන්න ආදරයක් කොයිතරන් වේදනවක් වෙලද?ඇත්තටම එකම එක සිනාවක්,වචනයක් ලොකු සැනසීමක් වෙවී මේ තරම් ආදරයකින් දඩුවම් විදින ඇයට.

ටික කලක සිටන් මා අමතක වන බව දනුනා
අද මට නොදැනිම මා දෙනෙතට කදුලු පිරෙනවා
පිපි මලක් කෙලෙස මහ වන මැද පරවී යනවා
ලන් වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා....  ..

මේ ගීතයෙත් හැම වචනයකම හැන්ගිලා තියෙන්නේ දුක...ලන් වෙලා හිටිය කෙනෙක් ඈත් උනාම දරාගන්න බැරුව,ඒ දුක මේ වගේ පද ටිකක් වෙලා ලස්සන වෙලා

මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාක......

ඇත්තටම මේ පද කිහිපය කොයිතරන් ලස්සනද!!
කවදාවත්ම අවoක ආදරයක් වෛරයකින් අවසාන වෙන්නේ නෑ...තම්න්ට නොලැබුනත් එයා කොහේ හරි හොඳින් ඉන්නවනම් ඒක තමා තමන්ට ලැබෙන සතුට කියල බාරගන්නවා....


ඒත් මම මේ පද කිහිපය ගැනනම් කැමත්තක් නෑ

ආදරයක ඇති වේදනාව දැනුනවුදාක
සිහිවෙයිද මගේ සොදුරියෙ බිඳුවක් යලි මතක..

කවදාවත්ම තමා විරහවෙන් වින්ද දුක කාටවත්ම විදින්න නොලැබේවා කියා අවසානයේ කියවුනිනම් ඒක මීට වඩා හොදයි කියල මට හිතෙනවා..

සුදු ඇදගෙන සඳ ඇවිදින් දුර කදු මුදුනට
රිදවනු සිත ගෙනයයි කදුලැළි ගo ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් හැන්දෑවක
ඒ ගo ඉවුරට.....

බාධක බිඳ නුඹ ජයගන්නට බැරිවුනි මට
ඇයිදැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද මා දන්නේ නැත

සුදු ඇදගෙන....

නුඹ මා ලොව කලුවර කර පැන ගිය පළියට
කෙලෙසක දොස් පවරමි නුඹ හට
කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට...

මේ ගීතයත් කොයිතරන් සුන්දර විදියට ගෙතිල තියනවද.මුළු ගීතයම පුරාවටම ආදරයේ වෙන්වීම දරගෙන තනිවම තමා තමන්ටම හුදකලවට අඩගසාගන්නවා

මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ
ජිවිතයම ලෙස මා පැතු දේ
එක මොහොතක් විය ඔබ හමුවේ............

කොතරම් ආදරයක් තිබුනත් එක මොහොතකින් ආදරය නැති වෙලා යන්න පුළුවන්ද? එහෙම නැති වෙලා යනවද?අනේ මන්ද............


නෙතට උළෙලක් විය එදා ඔබ
කදුලු බිදුවක් වුව මෙදා
මේ තරම් සිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා.........

මේ තරන් දකින්න ආස කල ආදරයක් අද දුකක් වෙලා හිත පාරනකොට ඒක දරගන්න බැරි වුනම මෙහෙම ගීත ලියවෙනවා.වරද කා අතේ උනත් අන්තිමට විදවන්නෙ තනි වෙන කෙනා..

අදත් එදා මෙන් බලා හිඳී
මගෙ ලොවට ඔබ වඩින තුරා.

මොන දේ කොහොම වුනත් ආදරයක වේදනව නැවත නැවත අලුත් වෙනකොට ඒක මුලු ජිවිතියම එපා කරවන තරමටම අසරන කරන බව මෙන්න මේ ගීතයෙන් ලියල තියනවා.ඒ වගේම තනි වෙන කෙනා කොයිතරන්ම අලුත් වෙන ආදරයෙන් දුක් විදිනවද??

අපි ආයෙත් හමු නොවුනානම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුනානම්...

ඔබ නාදුනනා විරහ වේදනා
පෙර දා වින්දේ මා පමණී
හුඟ කලකින් හමුවී සෝ ලතැවුල්
අදත් විඩින්නේ මා පමණයි


අපි ආයෙත් හමු නොවුනානම්...


සමුගන්නටනම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කදුලින් මිය යන්නද
ජීවිත ඉරනම විසදෙන්නේ

මොන දේ කොහොම ගීතයට නැගුනත් ආදරය කටවත්ම වේදනවක් නොගෙනවනම් කියල මේව කියවනකොට හිතනවා.
ඒ වගෙම මේ විරහ ගීත කොයිතරන් ලස්සනට හැඩ වෙලා තිබ්බත් ඒවා ඇතුලේ තියෙන්නෙ දුක වේදනව..
විරහව නැති ගීත ලෝකයක් මැවෙන්නනම් හැම ආදරයක්ම සතුටින් කෙල්වර වෙන්න ඕන..එසේ වෙවා!!!!

Thursday, June 16, 2011

පැතුම හා කඩානොවැටුනු තරුව............

එදා පැතුමක් සිතැතිව
කඩාවැටෙන තරුවක් දෙස බලා
එය පතන්නට සිටි මට
මුළු රෑ පුරාම
එකඳු තරුවක්වත් කඩා වැටෙනු දක්නට නොලැබුණේ
මා නොදැන සිටියත්
මගේ පැතුම කිසි දිනක
මට හිමි නොවන බව
අහස දැන සිටි නිසාද??

මතකය පමණක්ම හිමිවීම කොතරම් වරදක්ද?
නමුත් අමතක කරන්නටවත් දෙයක් නොමැතිව
මතකයේ ඉතිරි වූ මේ හිඩැස
ඇයිද මා පසු පස හමා එන්නේ
මා බොලද නිසාද?
නැතිනම් තවමත් කඩාවටෙන තරුවක් නෙත ගැටෙන තුරු
මා අහස දෙස බලා සිටින නිසද?

හෙට දිනයේදී
මට පමනක්ම ඉතිරි වූ මේ අහoසක මතකය
මට සිනාවක් ගෙනෙන්නේනම්
එය සදාකලික ආදරණීය
මතකයන් වලට එක්කර
හිඳිනු ඇත සතුටින්
නමුත් එසේ වනතෙක් සිටි මේ කාලය
මට ගෙනත් දුන්නේ තවත් දුකක් නොවෙද

අනේ....
පැතුමක් සිතැතිව රැදුනු මේ මතකය
මට අත වනා
හුදකලා වූ ලොවක වැළලී යන්නේනම්
දුකෙන් වෙහෙසට පත් වූ මගෙ මේ සිතට
තාවකලික සතුටක් ගෙනදේවි සදහටම

සිත මට වද දෙයි
මතකයන් අමතක කර
සිනාසෙන්නට උත්සාහ කරන වාරයක් පාසා
සිත මට මතකයන්ම තුරුළුකර දී
මා රිදවයි........

සිහින් සුළ පොදක්
ඇඟේ දැවිටි ඉවත ගලයි
වාහන සියල්ලම මා පසුකර
ඉදිරියටම ඇදෙයි
මා පමණක්ම නිසලව
පතන්නටවත් නොහැකි වූ
ඒ පැතුම සමඟම ලතවෙයි

කඩාවැටෙන තරුවක් දෙස බලා
පතන්නට සිටි ඒ පැතුම මට
පතන්නට පෙරම අහිමි වූයේ
ඇයි දැයි නොසොයා
සිටින්නට හැකි වන තුරුම
සතුට මා සොයා නොපැමිණෙනු ඇත

Sunday, May 29, 2011

වෙනස් වීම

ජීවිතයේ වෙනස් නොවන එකම දේ
වෙනස්වීමයි....
වෙනස් වන ලෝකයේ
වෙනස් වන කාලයේ
වෙනස් වන මාවතේ
වෙනස් වන මිනිසුන් ඉදිරියේ
මගේ සිත පමනක්ම නොවෙනස්ව පැවතුනොත්
තනිවේවි,දුක්වේවි,ලතවේවි මා  එකතැනම.....
කාලයි හොඳම මේ වෙනස්වන්නට මටත්..
අද නොපිපි මල් හෙට පිපෙනු දකියි මා,
අද නොදුටු දේ  හෙට දකියි  මා,
අද නොඇසුනු දේ ඇසේයි මට හෙට දිනේ...
අද මුනගැසුනු අය හෙට නැවත හමුවේවි..
කිසිදිනක මුනනොගැසුනු අය හමුවේවි හෙට
ඉතින් ඇයි බය වේන්නෙ,
අකමැතිවෙන්න
වෙනස් වන්නට ....
මේ හුදකලාව ලස්සන වේවි එවිට
අපි මුනගැසෙමු එහෙනම් හෙට දිනේ
වෙනස් අයුරකින් වෙනස වූ ලෝකෙක...



                                                                                   

Sunday, May 22, 2011

ජීවිතය...

යා යුතු මග හසර නොදන්නා නිසාදෝ
නිසොල්මන්ව බලා හිඳී
ඔබ කවුද මා කවුද
අප කොයිබටද
කාටනම් කිව හැකිද?
හෙට උදාවන අලුත් දිනයේ
අලුත් හීන සැබෑවනු ඇත
අලුත් කතා මුමුණනු ඇත
පාට පාට පාට පිරිලා
හැමතැනම කල එලි වෙලා
ඒ පාට ටිකක් පින්සලට අරන්
පොතේ පිටුව හැඩවෙලා
අපේ ජිවිතත එහෙමයි
දිනෙන් දින ලස්සන එකතු කරගන්නවා
ඒ ලස්සන ටිකෙන් ටික එකතුවෙලා
මුලු ලෝකෙම ලස්සන කරනව

Saturday, May 21, 2011

මේ තරන්ම උත්තරීතර ආදරණීය බැඳීමක්!!!

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සoසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ

ලේන කුලේ සිට ආ ගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සoසරේ පසු පස ආවා සෙවනැල්ලක් වී

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සoසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ

තැලී සෙනෙහෙ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සoසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ...................












ගොඩක් කාලයක් තිස්සෙ මගේ සිතේ තිබුනු ගැටළුවක් තමයි සිදුහත් යසොදරා අදරය .අද මට ඒ ගැටළුවටත් පිළිතුරක් ලැබුනා...

ඇත්තටම ආත්මයක් ආත්මයක් පාසා පෙරුම් පුරාගෙන එකට ආ මේ බැඳීම අවසාන කරල ,පුoචිම පුoචි රාහුල කුමාරය එක්ක යසොදරාව තනිකරල දලා, සසර ලෝකවාසීන් දුකෙන් මුදවන්න සිදු වූ සිදුහත් අභිනිශ්ක්‍රමනය යසෝදරාවට සිදුවු අසධරණයක් නොවේද??????? 
සිදුහත් කුමරු ඇයි මේ තීරනය කලින් නොගත්තෙ??

මෙයට මා සොයාගත් පිළිතුරු ඔබට දෙන්නට කලින් මම කැමති ඔබෙ අදහස් දැනගන්න.

කෙසේ වෙතත් යසෝදරා දෙවිය උත්තර්‍රතර ආදරයේ පරමාදර්ශී චරිතයකි.මෙවනි දෙයකට අද සමාජයේ කාන්තාවකට සිදුවුනිනම් දකින්න ලැබෙන්නෙ මෙවැනි ආදරණීය වෙන්වීමක් නෙවේ.එක්කො හැමතැනම කොවිල් ගානෙ ශාප කර කර,නැත්නම් වන්දි ඉල්ලල නඩු කිය කිය යාවි,එසේත් නැතිනම ඇයත් දරුව දාල වෙන විවාහයක් කරගනීවි.  

නමුත් යසෝදරා දේවියගෙ ප්‍රාර්තනය වුයේ සිදුහත් බෝසතානන් සසර දුකින් මිදී සියලු ලොකවාසින් දුකෙන් මුදවාගැනීමට හැකිවේවාය යන්නයි .

කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බඹරු සේ පිරිවර සෑදේවා
අව්වේ තිබෙන රැස් මලා අඩු වේවා
ගව්වෙන් ගව්ව් දිව මාළිග ඉදි වේවා  (යසෝදරා වත )

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි...........2600 බුද්ධ ජයන්තිය.


අපිට ගොඩක් වෙලාවට බුදුහාමුදුරුවෝ මතක් වෙන්නෙ එක්කො අපිට වැරදුනාම,නැත්නම් අපිට දුකක් කරදරයක් උනාම,පිහිටක් ලබගන්න ,ඒත් නැත්නම් සුබ කටයුත්තකට කලින් ආශිර්වාදයක් ලබගන්න...

ඒත් කමක් නැ..එහෙම හරි මතක් වෙනවනම් ඒත් අපේ ගොඩක් අයට පිහිටක් ලබගෙන කලෙත් එක්ක ඒකත  අමතක කරනව...
නමුත් බුදුහාමුදුරුවෝ කාටවත් පිහිටක් ලබගන්න ඉන්න ගැලවුම් කරුවෙක් නෙවේ...උන්වහන්සේ මැවුමකරුවෙකුත් නෙවේ.. 
අපේ ගැලවුම්කරු,මැවුම්කරු වෙන්නෙ අපිමයි.
ඒ අපි උන්වහන්සේ දෙසූ ඒ අසමසම වු ධර්මයේ හැසිරීමයි
වේගයෙන් ඇදී යන්නෙ අපි කොහාටද??මම ගැන පමනක්ම සිතමන්,ආගම ධර්මය අමතක කරමින් අපි යන මෙ ගමන කෙලවරවන්නේ අපි අපිවම විනස කරගෙන.
ඉතින් 2600 ක් වූ බුද්ධ ජයන්තියේදි මම ලබාගත්ත දේ ඔබත් එක්ක බෙදා ගන්න මට හිතුන.

අපි අනාවබෝධය නිසා මුලා වෙනවා,මේ දේ හොඳයි,මෙයා හොඳයි,මෙයා වැරදියි,මේ විදියට අපි මුලා වෙනව.එකෙන් අපි එක එක දේ එක්ක, එක එක අය එක්ක ගැටෙනවා.මේකට මම කැමතියි,මෙයාට මම කැමති,මෙයාට කැමති නෑ ,මම මෙයගෙන් පලිගන්නව.මෙන්න මේ විදියට ගැටෙන නිසාම අපි අවසානයෙදි දුකට පත් වෙනවා .එසේනම් අපි මෙ දුකට පත් වෙන්නෙ අපි ලෝකය ඇතිසැටියෙන් නොදැකීමෙනුයි .අවබෝධ නොකරගැනීමෙනුයි.

වෙසක් පෝය දවසෙ සිල් ගත්තම හාමුදුරුවො කියපුවයින් වැඩිපුරම මගේ හිතට කාවැදුනෙ ඔන්න ඔය දේ...ඉතින් මමත් ඔගොල්ලොත් ලෝකය  අවබෝධ කරගනිමු නේද!!!