Sunday, May 29, 2011

වෙනස් වීම

ජීවිතයේ වෙනස් නොවන එකම දේ
වෙනස්වීමයි....
වෙනස් වන ලෝකයේ
වෙනස් වන කාලයේ
වෙනස් වන මාවතේ
වෙනස් වන මිනිසුන් ඉදිරියේ
මගේ සිත පමනක්ම නොවෙනස්ව පැවතුනොත්
තනිවේවි,දුක්වේවි,ලතවේවි මා  එකතැනම.....
කාලයි හොඳම මේ වෙනස්වන්නට මටත්..
අද නොපිපි මල් හෙට පිපෙනු දකියි මා,
අද නොදුටු දේ  හෙට දකියි  මා,
අද නොඇසුනු දේ ඇසේයි මට හෙට දිනේ...
අද මුනගැසුනු අය හෙට නැවත හමුවේවි..
කිසිදිනක මුනනොගැසුනු අය හමුවේවි හෙට
ඉතින් ඇයි බය වේන්නෙ,
අකමැතිවෙන්න
වෙනස් වන්නට ....
මේ හුදකලාව ලස්සන වේවි එවිට
අපි මුනගැසෙමු එහෙනම් හෙට දිනේ
වෙනස් අයුරකින් වෙනස වූ ලෝකෙක...



                                                                                   

Sunday, May 22, 2011

ජීවිතය...

යා යුතු මග හසර නොදන්නා නිසාදෝ
නිසොල්මන්ව බලා හිඳී
ඔබ කවුද මා කවුද
අප කොයිබටද
කාටනම් කිව හැකිද?
හෙට උදාවන අලුත් දිනයේ
අලුත් හීන සැබෑවනු ඇත
අලුත් කතා මුමුණනු ඇත
පාට පාට පාට පිරිලා
හැමතැනම කල එලි වෙලා
ඒ පාට ටිකක් පින්සලට අරන්
පොතේ පිටුව හැඩවෙලා
අපේ ජිවිතත එහෙමයි
දිනෙන් දින ලස්සන එකතු කරගන්නවා
ඒ ලස්සන ටිකෙන් ටික එකතුවෙලා
මුලු ලෝකෙම ලස්සන කරනව

Saturday, May 21, 2011

මේ තරන්ම උත්තරීතර ආදරණීය බැඳීමක්!!!

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සoසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ

ලේන කුලේ සිට ආ ගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සoසරේ පසු පස ආවා සෙවනැල්ලක් වී

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සoසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ

තැලී සෙනෙහෙ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සoසාරේ ඇසුර මතක් වී
ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ...................












ගොඩක් කාලයක් තිස්සෙ මගේ සිතේ තිබුනු ගැටළුවක් තමයි සිදුහත් යසොදරා අදරය .අද මට ඒ ගැටළුවටත් පිළිතුරක් ලැබුනා...

ඇත්තටම ආත්මයක් ආත්මයක් පාසා පෙරුම් පුරාගෙන එකට ආ මේ බැඳීම අවසාන කරල ,පුoචිම පුoචි රාහුල කුමාරය එක්ක යසොදරාව තනිකරල දලා, සසර ලෝකවාසීන් දුකෙන් මුදවන්න සිදු වූ සිදුහත් අභිනිශ්ක්‍රමනය යසෝදරාවට සිදුවු අසධරණයක් නොවේද??????? 
සිදුහත් කුමරු ඇයි මේ තීරනය කලින් නොගත්තෙ??

මෙයට මා සොයාගත් පිළිතුරු ඔබට දෙන්නට කලින් මම කැමති ඔබෙ අදහස් දැනගන්න.

කෙසේ වෙතත් යසෝදරා දෙවිය උත්තර්‍රතර ආදරයේ පරමාදර්ශී චරිතයකි.මෙවනි දෙයකට අද සමාජයේ කාන්තාවකට සිදුවුනිනම් දකින්න ලැබෙන්නෙ මෙවැනි ආදරණීය වෙන්වීමක් නෙවේ.එක්කො හැමතැනම කොවිල් ගානෙ ශාප කර කර,නැත්නම් වන්දි ඉල්ලල නඩු කිය කිය යාවි,එසේත් නැතිනම ඇයත් දරුව දාල වෙන විවාහයක් කරගනීවි.  

නමුත් යසෝදරා දේවියගෙ ප්‍රාර්තනය වුයේ සිදුහත් බෝසතානන් සසර දුකින් මිදී සියලු ලොකවාසින් දුකෙන් මුදවාගැනීමට හැකිවේවාය යන්නයි .

කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බඹරු සේ පිරිවර සෑදේවා
අව්වේ තිබෙන රැස් මලා අඩු වේවා
ගව්වෙන් ගව්ව් දිව මාළිග ඉදි වේවා  (යසෝදරා වත )

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි...........2600 බුද්ධ ජයන්තිය.


අපිට ගොඩක් වෙලාවට බුදුහාමුදුරුවෝ මතක් වෙන්නෙ එක්කො අපිට වැරදුනාම,නැත්නම් අපිට දුකක් කරදරයක් උනාම,පිහිටක් ලබගන්න ,ඒත් නැත්නම් සුබ කටයුත්තකට කලින් ආශිර්වාදයක් ලබගන්න...

ඒත් කමක් නැ..එහෙම හරි මතක් වෙනවනම් ඒත් අපේ ගොඩක් අයට පිහිටක් ලබගෙන කලෙත් එක්ක ඒකත  අමතක කරනව...
නමුත් බුදුහාමුදුරුවෝ කාටවත් පිහිටක් ලබගන්න ඉන්න ගැලවුම් කරුවෙක් නෙවේ...උන්වහන්සේ මැවුමකරුවෙකුත් නෙවේ.. 
අපේ ගැලවුම්කරු,මැවුම්කරු වෙන්නෙ අපිමයි.
ඒ අපි උන්වහන්සේ දෙසූ ඒ අසමසම වු ධර්මයේ හැසිරීමයි
වේගයෙන් ඇදී යන්නෙ අපි කොහාටද??මම ගැන පමනක්ම සිතමන්,ආගම ධර්මය අමතක කරමින් අපි යන මෙ ගමන කෙලවරවන්නේ අපි අපිවම විනස කරගෙන.
ඉතින් 2600 ක් වූ බුද්ධ ජයන්තියේදි මම ලබාගත්ත දේ ඔබත් එක්ක බෙදා ගන්න මට හිතුන.

අපි අනාවබෝධය නිසා මුලා වෙනවා,මේ දේ හොඳයි,මෙයා හොඳයි,මෙයා වැරදියි,මේ විදියට අපි මුලා වෙනව.එකෙන් අපි එක එක දේ එක්ක, එක එක අය එක්ක ගැටෙනවා.මේකට මම කැමතියි,මෙයාට මම කැමති,මෙයාට කැමති නෑ ,මම මෙයගෙන් පලිගන්නව.මෙන්න මේ විදියට ගැටෙන නිසාම අපි අවසානයෙදි දුකට පත් වෙනවා .එසේනම් අපි මෙ දුකට පත් වෙන්නෙ අපි ලෝකය ඇතිසැටියෙන් නොදැකීමෙනුයි .අවබෝධ නොකරගැනීමෙනුයි.

වෙසක් පෝය දවසෙ සිල් ගත්තම හාමුදුරුවො කියපුවයින් වැඩිපුරම මගේ හිතට කාවැදුනෙ ඔන්න ඔය දේ...ඉතින් මමත් ඔගොල්ලොත් ලෝකය  අවබෝධ කරගනිමු නේද!!!