Thursday, June 16, 2011

පැතුම හා කඩානොවැටුනු තරුව............

එදා පැතුමක් සිතැතිව
කඩාවැටෙන තරුවක් දෙස බලා
එය පතන්නට සිටි මට
මුළු රෑ පුරාම
එකඳු තරුවක්වත් කඩා වැටෙනු දක්නට නොලැබුණේ
මා නොදැන සිටියත්
මගේ පැතුම කිසි දිනක
මට හිමි නොවන බව
අහස දැන සිටි නිසාද??

මතකය පමණක්ම හිමිවීම කොතරම් වරදක්ද?
නමුත් අමතක කරන්නටවත් දෙයක් නොමැතිව
මතකයේ ඉතිරි වූ මේ හිඩැස
ඇයිද මා පසු පස හමා එන්නේ
මා බොලද නිසාද?
නැතිනම් තවමත් කඩාවටෙන තරුවක් නෙත ගැටෙන තුරු
මා අහස දෙස බලා සිටින නිසද?

හෙට දිනයේදී
මට පමනක්ම ඉතිරි වූ මේ අහoසක මතකය
මට සිනාවක් ගෙනෙන්නේනම්
එය සදාකලික ආදරණීය
මතකයන් වලට එක්කර
හිඳිනු ඇත සතුටින්
නමුත් එසේ වනතෙක් සිටි මේ කාලය
මට ගෙනත් දුන්නේ තවත් දුකක් නොවෙද

අනේ....
පැතුමක් සිතැතිව රැදුනු මේ මතකය
මට අත වනා
හුදකලා වූ ලොවක වැළලී යන්නේනම්
දුකෙන් වෙහෙසට පත් වූ මගෙ මේ සිතට
තාවකලික සතුටක් ගෙනදේවි සදහටම

සිත මට වද දෙයි
මතකයන් අමතක කර
සිනාසෙන්නට උත්සාහ කරන වාරයක් පාසා
සිත මට මතකයන්ම තුරුළුකර දී
මා රිදවයි........

සිහින් සුළ පොදක්
ඇඟේ දැවිටි ඉවත ගලයි
වාහන සියල්ලම මා පසුකර
ඉදිරියටම ඇදෙයි
මා පමණක්ම නිසලව
පතන්නටවත් නොහැකි වූ
ඒ පැතුම සමඟම ලතවෙයි

කඩාවැටෙන තරුවක් දෙස බලා
පතන්නට සිටි ඒ පැතුම මට
පතන්නට පෙරම අහිමි වූයේ
ඇයි දැයි නොසොයා
සිටින්නට හැකි වන තුරුම
සතුට මා සොයා නොපැමිණෙනු ඇත

No comments:

Post a Comment